About


බැලූ බැල්මට පේනවා ඇති මේක මන්හ්ව, මන්ග තව ඉඳලා හිටලා ඇනිමේ ගැන එහෙම ගැන අදහස් ලියවෙන බ්ලොග් එකක් කියලා. නමත් otakuනේ. ඒ වුනාට ඒ ගැන යමක් ලියල තිබ්බනම් හොඳයි කියලා හිතුන සම්ප්‍රදාය රකින්න.



මොනවා ගැනද මේක ලියන්නේ?

කලින් කිව්වා වගේ මන්හ්ව, මන්ග, මන්හුව වගේම ඇනිමේ සහ ලයිට් නවල් ගැන තමයි මේකේ ලියන්නේ. ඒ මොනවද කියනවා නම්. මන්හ්ව කියන්නේ කොරියන් චිත්‍ර කතා. මන්හුව කියන්නේ චීන චිත්‍ර කතා. මේවා දැන් ගොඩක් අන්තර්ජාලයෙ පලවෙන ජංගම දුරකථන වලින් කියවන්න හදපුව. එහෙම නැති ඒවත් තියෙනවා. මන්ග කියන්නේ ජපන් චිත්‍ර කතා ඒවා නම් වෙනම පත්තර වල යන්නේ. ඇනිමේ කියන්නේ ජපන් සජීවිකරණ ටෙලිනාට්‍ය/චිත්‍රපටි. ලයිට් නවල් කියන්නේ ජපානේ ලියවෙන ටිකක් සරල විදිහට යන පොත් ජාතියක්. ආ තව වෙබ් නවල් කියලා ජාතියක් තියෙනවා ඒවා ඇවිල්ල අන්තර්ජාලයෙ කොටස් වශයෙන් පලවෙන නවකතා. බටහිර දේවල් වලට වඩා මේවගේ ටිකක් අමුතු රසයක් තියෙන්නෙ. කතා, පසුබිම්, තේමා වුනත් ගොඩක් වෙනස්. ලංකාවේ අපිට ටිකක් ලඟින් අහුවෙනවා මේවා බටහිර දේවල් වලට වඩා.


කොහොමහරි විචාර ලියන්න තරම් මට සාහිත්‍ය දැනුමක් නැති නිසා මේ ලියන්නේ අදහස් නැත්නම් මේක හොඳයි කියවන්න කියලා කරන රෙකමදෝරු කිරීම්.



සමහරවිට කාටවත්ම වැඩක් නැතුව ඇති

මේවා සිංහලට පරිවර්තනය වෙන්නේ නෑ. ගොඩක් ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නෙත් රසික පරිවර්තන විදිහට. මේවා කියවන්න කැමති අය ඉංග්‍රීසි දන්නවා නැත්නම් කියවන්න බෑනේ. ඒ නිසා මේ ලියන දේවල් එයාලට වැඩක් නැතුව ඇති.


එක එක අය කැමති දේවලුත් වෙනස්නේ. මම මේ රසයි කියලා කියන ඒවා අනිත් අයට නීරස වෙන්න පුළුවන්. නැත්නම් මේවා ගැන දැනගත්තොත් කැමති වෙන්න වෙයි තමන් මෙච්චර කල් බලපුව මොනවද වගේ හිතෙයි (මට වුණා වගේ) කියලා නොබලා ඉන්නත් පුළුවන්



මේවා වැඩක් තිබ්බත් පේන අය අඩුයි 

සිංහල කියන්නේ ලෝකේ ඉතාම පොඩි පිරිසක් කතාකරන භාෂාවක්. නිවුස් ගොසිප් වගේ දෙයක් ඇරෙන්න සිංහලෙන් ලියල කීයක්වත් හොයන්නත් අමාරුයි ගූගල්ල දැන්වීම් දාන්න දෙන්නෙ නෑ ලේසියෙන් සිංහලෙන් ලියවෙන බ්ලොග් වලට. ඒ වගේම SEO කරන්නත් අමාරුයි මොකද සිංහලෙන් search කරනවා අඩුයිනේ. සිංහල කතා කරන අයගෙනුත් එහෙමත් කෙනෙක් තමා වචනයක් හරි කියවන්නේ. ඒ නිසා මොනවා ගැනවත් සිංහලෙන් ලියවෙනවා අඩුයි. ඉතින් මේක කොච්චර නැටුවත් කවුරුවත් කියවන්නෙම නෑ කියලා දැනගෙන තමා ලියන්නේ. 



ඇයි මේක ලියන්නේ?

කොටින්ම කිව්වොත් කැහිල්ලට. කියවන්න ආසයි. කිවපු එක ගැන කියන්න ආසයි. තව එකෙක් මේකට අහුකරගන්න ආසයි. වෙන ඉතින් දෙයක් නෑ. මට භාෂාව ගැනත් ලොකු දැනුමක් නෑ. මේක ලියද්දි භාෂාව ගැන ලොකුවට බලන්නෙත් නෑ. මේ ලියල තියෙන විදිහ දැකල මුන් සිංහල කනව කියලා තරහ යනවනම් සමාවෙන්න.



රසික පරිවර්තනය

දැනට අවුරුදු කිහිපයකට කලින්  2017 විතර යාළුවෙකුයි මමයි මන්ග දෙකක රසික පරිවර්තනයක් පටන්ගත්තා. බ්ලොග් එකකකුයි ෆේස්බුක් පිටුවකුයි අටවාගෙන. කියවන්න කට්ටිය නැති නිසා ඒක නැවතුනා.පස්සේ මේ ලඟදි ඉඳන් මන්හුව එක්ක පරිවර්තනය කරන්න ගත්ත. ඒකටත් අර ලෙඩේම තියෙනවා. එකටත් එක්ක කියලා තමා මේ බ්ලොග් එක අටවගත්තේ. ඉතින් ඔච්චර තමා 


මේ ටික ලිව්වේ සංස්කෘතිකව about එකක් තියෙන්න එපැයි කියලා. මේ ටික කවුරුත් කියවන එකක් නෑ කියෙව්වානම් ස්තුතියි.


Post a Comment

1Comments
  1. mehema ekak hari lankave karana ekama loku deyak

    ReplyDelete
Post a Comment