The Newbie is Too Strong

0


මේකත් එක dungeon මන්හ්ව එකක් හැබැයි dungeon නැති. තියෙන්නේ tutorial tower එකක්.ඒක නැගල දිනපු උන්ට ලැබෙන හැකියාවන් එක්ක සමාජයේ උඩට එන්න පුළුවන්. මේ Tower එක ඇතුලේ වැඩ තමා මන්හ්ව එකේ තියෙන්නේ.


JaeJu අනාත නිවාසෙක හැදිච්ච ළමයෙක් (දැන් ළමයෙක් නෙවෙයි ජොබ් එකක් එහෙම කරනවා). දවසක් එයාට ඇහෙනවා එයා හිටපු අනාත නිවසේ සල්ලි නැතුව වැහෙන්න යනවා කියල. එයා දැනට කරන රසාවෙන් එයාට ඒකට උදව් වෙන්න තරම් හැකියාවක් නෑ. අනාත නිවසේ කියන්නේ මෙයාගේ ගෙදරවගේ වටිනා තැනක්. මෙයාට ඕනේ කොහොමහරි මේකට උදව් වෙන්න මෙහෙම හිත හිත ඉඳිද්දී මෙයාට phone එකට massages වගයක් එනවා මෙයා tutorial tower එක නැගල ප්ලේයර් කෙනෙක් වෙන හැටි පෙන්නන. මෙතන විශේෂත්වේ මේක මේ අනාගතේ වෙන්න තියෙන දෙයක් පෙනුන වගේ එකයි. මේ වගේ tower එක ඇතුලේ දේවල් වල තොරතුරු එලියේ ලෝකෙට අලුත්ම දෙයක් වීමයි. මොකද නැගපු උන් මේවා ගැන කට හොල්ලන්නෙ නෑ. ඉතින් JaeJu ජොබ් එකෙන් අයින් වෙලා මේ messages ටික හොඳට හදාරනවා. එකරලා වෙලාව ආවම tower එකට ඇතුළු වෙනවා



Tower එක ඇතුලේ ගේම් stream වගේ වැඩක් වෙනවා. ඉහල තට්ටු වල ඉන්න ප්ලේයර්ල පහල අයගේ stream බලනවා coins දීලා sponsor කරනවා. ඇයි එහෙම කරන්නේ? තමන් sponsor කරපු අය ඉහල තට්ටු වලට නගිනකොට එයාලට coins හබ්බෙනවා. මෙතන stream වල තියෙන ඔක්කොම තියෙනවා chat එක. ගිෆ්ට්, subscribersල වගේ. JaeJu කලින් ඔක්කොම දැනගෙන සැලැස්ම හදන් එන්නේ බලන අයට පුදුමයි ඉතින් ඒ වගේ තමා



මට නම් අල්ලලා ගියේ නෑ

මට stream කොටස නම් එච්චර අල්ලලා ගියේ නෑ. මම වැඩිය stream බලන්නේ නැති නිසා වෙන්න ඇති. එකේ ආතල් එක ඒවා බලන අය දන්නවත් ඇති. ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. කොහොමහරි කතාවක් විදිහට ගලන්නේ ගොඩක් හිමින්. එහෙම කියලා ලොකු දෙයක් දිගහැරෙන්නෙත් නෑ. මට නම් හිතුනේ එක තැන පල් වෙනව වගේ කියලා. කතාවේ ලෝකෙ වුනත් ගලාගෙන යන විදිහට එලියට ආවේ නෑ. Art අතින් බලනකොට නම් වරදක් නෑ හොඳයි. ඉතින් ලොකුවට කියන්න තරම් රහක් තිබුනේ නෑ මට නම්. හැබැයි වෙන කෙනෙක්ට මේක අල්ල යන්න පුළුවන්. එක එක්කෙනාගේ රුච්කත්වය වෙනස් නේ


මේක dungeon මන්හ්ව කියවන අයට, ගේම් stream ගැන උනන්දු අයට අල්ලල යයි. සමහරවිට මටනම් සෙට් වුනේ නෑ හැබැයි art හොඳයි ඒ නිසා බත් ගුලි පහෙන් දෙකක් දෙනවා 



Post a Comment

0Comments
Post a Comment (0)