එක එක විදිහේ ඇනිමේ තියෙනවා

0


අපි මිනිස්සු විදිහට කැමතියි නේද මත හදාගන්න. මොකක් හරි දෙයක් ගත්තොත් ඒ ගැන අපේ තියෙන අත්දැකීම් එකක් මේක නම් මෙහෙමයි කියලා මතයක් හදාගන්නවා. උදාහරණයක් කියන්නම් බලන්න හරිද කියලා. ලංකාවේ ටෙලිනාට්‍ය ඔක්කොම පෝසත් පවුල් වල ලව් හුටපට. මම වැරදිද එහෙනම් තව එකක් 🤔 ප්‍රසිද්ද සිංහල සින්දු කියන්නේ අපිට බස් වල බලෙන් අස්සවන සින්දු. දෙපාරම වැරදි නම් ගනන් ගන්න එපා. ඒ මගේ පුංචි අත්දැකීම් වලින් හදාගත්ත මත. දැන් ලංකාවේ ටෙලිනාට්‍ය ගොඩක් බලන කෙනෙක්ට හිතෙනවා නේද "එහෙම නෙවෙයි බං ලංකාවේ වෙන වර්ගයේ ටෙලිනාට්‍ය තියෙනවා අහවල් එක බලපංකො..." කියලා කියන්න. ඉතින් ඇනිමේ මන්ග රසිකයෙක් විදිහට මං මේ පොස්ට් එකෙන් කරන්නෙත් ඒක.


ඇනිමේ ගැන කතා කරද්දී අපිට නිතරම ඇහේ වදින ඇනිමේ ටිකක් තියෙනවා. Facebook එකේ whatsapp එකේ වගේම අපේ ඇනිමේ බලන යාළුවො පවා වැඩි හරියක් අපේ ඇඟේ ගහන්නේ මේ සෙට් එක. නම් වශයෙන් කිව්වොත් ඇටෑක් ඔන් ටයිටන්, ඩීමන් ස්ලේයර්, වන් පන්ච් මෑන් වගේ. මේ ඇනිමේ ඔක්කොම ටිකක් එක සමාන වර්ගයේ කතා මේව බල්ල කෙනෙක්ට "ඇනිමේ කියන්නේ ඉතින් මේවා තමා" කියලා මතයක් හදාගන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ඇනිමේ මන්ග ගොඩක් වර්ග තියෙනවා. මේ එක ජාතියක් විතරයි. අනිත් ඒවා ගැන මං කියන්නම්.


බොහෝ විට ඇනිමේ හැදෙන්නේ මන්ග වලින්. මන්ග වයස් කාණ්ඩ විදිහට කොටස් පහකට කඩල තමා විකුනන්නේ. ඒ ඒ වයස් වල අය කැමති දේවල් වෙනස්නේ ඉතින් ඒ ඒ වයස් වල අයට හරියන විදිහට තමා හදල විකුනන්නේ. මේවා දැනගෙන ඉන්න එක හොඳයි අපිට ඕනේ ඒවා තෝරාගන්න. එකම තේමාවේ වුනත් මේ කාණ්ඩ අනුව කතාව වෙනස් වෙනවා. ඉතින් අපි බලමු මොනවද ඒවා කියලා


කොදොමෝ (Kodomo/子供)

මේවා ඇවිල්ල අවුරුදු 12න් පහල පුංචි ළමයි ඉලක්ක කරලා විකුනන කොට්ටාශයක්. පුංචි ළමයින්ට විකුනන්න පුළුවන් විදිහේ කතා තමා මේවගේ තියෙන්නේ. පොඩි ළමයි කැමති ලස්සන දීප්තිමත් පාට ඒ වගේම සරල කතා තේමා දාල තමා මේවා හදන්නේ. සාමාන්‍යයෙන් අපි බලපු කාටුන් වගේ තමා. සාමාන්‍යයෙන් වික්‍රමාන්විත කතා පොඩි අද්‍යාපනික කෑල්ලකුත් එක්ක හාස්‍යජනක කොටස් එහෙමත් එකතුකරලා පොඩි ළමයිට තේරෙන විදිහට හදන්නේ.


උදාහරණ විදිහට ගත්තොත් ගොඩක් ප්‍රසිද්ද Pokémon ඒ වගේම ගිබිලිලගේ ගොඩක් කතා My Neighbor Totoro වගේ මේ ජාතියේ ඒවා. ගොඩක් ප්‍රසිද්ද නැති වුනත් පුසෝන්ට කැමති නම් Chi's Sweet home ඒවගේම poyopoyo බලන්න නාකි අපිටත් හොඳයි.


ශෝනෙන් (Shonen /少年)

පිරිමි ළමයි ටිකක් ලොකු වෙනකොට අර සරල කතා තේමා හරියන්නේ නෑ එයාලට ක්‍රියාදාම කතා ඕනේ. හොඳ සටන් තියෙන, යුද්ධ තියෙන. මේවගේ ඉන්න චරිත ඉලක්ක හදාගෙන වැටී වැටී නැගිට නැගිට වැරදි හදාගෙන තමයි ඒවා හඹායන්නේ. විශේෂයෙන් අභියෝග වලට මුහුණදෙනකොට මෙයාල power up ඒ කියන්නේ පොඩි එළියක් එහෙම ඇවිල්ල එයාලගේ බලය වැඩි වෙන ගතියක් තියෙනවා. දැන් කියනකොට විහිළුවක් වගේ වුනාට බලනකොට එහෙම නෑ. හැබැයි සමහර ඇනිමේම තියෙනවා ඒවා විහිළුවට ගන්න.


කොහොමහරි මේවා හදන්නේ පිරිමි ළමයින්ට විකුනන්නනේ ඉතින් බොහෝවිට මේවගේ ප්‍රධාන චරිත පරිමි හැබැයි සමහරු කොච්චර අකමැති වුනත් ගැහැණු ප්‍රධාන චරිත ඉන්න මේ ජාතියේ හොඳ ඇනිමේ තියෙනවා උදාහරණ ගත්තොත්  Claymore (Teresa ❤️), Soul Eater, Medaka Box තව මන්ග ගත්තොත් මගේ ප්‍රියතම එකක් තියෙනවා Superior කියලා


මේවා තමයි ලෝකේ ප්‍රසිද්දම ඇනිමේ කොට්ටාශය. කොච්චර ප්‍රසිද්දද කියනවා නම් big 3 (නරුටෝ, බ්ලීච්, වන් පීස්)  ඇනිමේ බලන්නේ නැති අයත් දන්නවා. මේවා ගැන ලොකුවට කියන්න ඕනේ නෑ ජනප්‍රිය ඇනිමේ නිසා කවුරුත් දන්නවා ඇති My Hero Academia, Jujutsu Kaisen, Demon Slayer, Noragami වගේ ඒවා මේ ජාතියේ.


ශෝජෝ (Shojo/少女)

පිරිමි ළමයිට වගේම ගැහැණු ළමයිටත් ඇනිමේ තියෙනවා. මේවා සටන් වලට වඩා හැඟීම් දැනීම් පෞරුෂ වර්ධනය වගේ දේවල් ගැන තමා කතා කරන්නේ. ගොඩක් වෙලාවට මේවගේ ආදර කතා ශෝනෙන් වල ඒවට වඩා වෙනස්. මේවගේ නාට්‍යානුසාරී ගතියක් තියෙනවා. ශෝනෙන් වල ගැහැණු ප්‍රධාන චරිත වගේ නෙවෙයි මේවගේ ඉන්නේ ටිකක් සාමාන්‍ය අය.


කොහොම වුනත් මේවා ශෝනෙන් තරම් ජනප්‍රිය නෑ. ඒකට ලොකුම හේතුව මුදල් මේවගේන් අර තරම් ලාභ හොයන්න බෑ ඉතින් එයාල වියදම් කරන්නේ නෑ අර තරම්. ඉතින් සමහරු කියනවා දැන් දැන් හදන ආදර කතා ශෝනෙන් පැත්තට බරවීගෙන එනවා කියලා. මේකට උදාහරණ විදිහට My Dress-Up Darling, Rascal Does Not Dream of Bunny Girl Senpai වගේ ගන්න පුළුවන්


ශෝජෝ වල තියෙන්නෙ ආදර කතා විතරක්ම නෙවෙයි ගොඩක් තේමා තියෙනවා. ශෝනෙන් වල වගේම සැහෙන හොඳ ඇනිමේ මන්ග තියෙනවා. ඒ නිසා "අප්පෝ ලව් ස්ටෝරි" කියලා අතහරින්න එපා 


ශෝජෝ වලට උදාහරණ විදිහට  Akatsuki no Yona, Kimi ni Todoke, Kaichou wa Maid-sama!, Natsume's Book of Friends වගේ ගන්න පුළුවන් 


සෙයිනෙන් (Seinen/青年) සහ ජෝසෙයි (Josei/女性)

මේ දෙකම එකට ගන්නම් දිග වැඩි වෙන නිසා. සෙයිනෙන් තියෙන්නේ මාමලට ජෝසෙයි තියෙන්නෙ නැන්දලට. ශෝනෙන් වල තිබ්බනේ ඉලක්ක හඹායන. වැටි වැටී නැගිටින ගතියක් මේවගේ ඒ ගතිය අඩුයි මොකද දැන් කොල්ලා ලොකුවෙලා යථාර්තයෙන් ගුටි කාල, හීන කුඩු වෙලා. දැන්  ටිකක් වෙනස් රසයක් හොයන්නේ දේවල් දෙහා ටිකක් ගැඹුරින් එහෙම බලනවා. සමහර වෙලාවට යථාර්තයෙන් පැනල යන්න බලන්නේ 


ජෝසෙයි වුනත් එහෙමයි අර ඇස්වල තරු පායන ආදර කතා නෑ. අතින් අල්ලපුවම සම්බන්දෙ හිනිපෙත්තටම ගියා කියලා හිතෙන ඒවා නෑ. සමාජයේ අඳුරු පැති පේන්න ගන්නවා දැන්. ඔක්කොම මල් නෙවෙයි දැන් කටුත් තියෙනවා. මොකක්ද මේ බැලුවේ කියලා හිතෙන. බලල ඉවර වෙලා බිත්තිය දෙහා බලාඉන්න හිතෙන දේවල් එන්නේ දැන් තමා. මේවා කාටුන්ද යකෝ? පොඩි උන්ටද මේවා? කියලා හිතෙනවා දැන්. ඒ වගේම පොඩි කාලේ තේරුනේ නැති ලස්සන දේවල් පෙන්න ගන්නවා ඒවා ගැන කතාකරනවා මේවගේ. මට හිතෙන්නේ ඇනිමේ කියන්නේ කාටුන් නෙවෙයි කියන කතාව එන්නේ මෙතනින් 


උදාහරණ විදිහට ජෝසෙයි වල Usagi Drop (මන්ග එක බලන්න එපා බලල මට ඇවිත් බනින්නත් එපා) Chihayafuru, Nana සෙයිනෙන් වල Mushishi, Death Note, Vinland Saga, Ghost in the Shell වගේ ගන්න පුළුවන් 


ඉතින් මෙච්චරද?

ඔය ටික තමා මුලිකව, තව කතාවල තේමාවල් තියෙනවා. ඇනිමේ මන්ග වලටම අවේනික නොවුනත් ජපන් නම් වලින් තියෙන ඒවා ටික ගැන කියන්නම්. ඔක්කොම ලියන්න ගියොත් මේක තව දික්වෙනවා 



ඉසෙකායි (Isekai)

මේ ලෝකේ ඉඳලා මැරිලා ගිහින් වෙන ලෝකෙක ඉපදෙන එක. මැරෙන්න හේතු විදිහට ලොකුම එක ලොරියක හැප්පෙන එක තව වැඩකරලා මහන්සි වැඩිකමටත් මැරෙනවා. සමහරු මැරෙන්නේ නැතිව නිකන්ම යනවා තව සමහරු ඒ ලෝකේ මායා බලෙන් එහෙට ඇදල ගන්නවා. තවත් සමහරු තමන් ගහපු ගේම් එකක හිරවෙනවා. කොහොම ගියත් මේ ඉපදෙන අයට විශේෂ බලයක් එහෙම හම්බෙනවා. එක අරන් එහෙ ගිහින් මෙහෙට වැඩිය ගේමක් ගහල ජිවිතේ ගොඩ දාගන්නවා.


ඉසෙකායි වලට උදාහරණ විදිහට  Mushoku Tensei: Jobless Reincarnation, That Time I Got Reincarnated as a Slime, KonoSuba: God's Blessing on This Wonderful World!, The Eminence in Shadow


රිවර්ස් ඉසෙකායි (Reverse Isekai)

මේකෙම අනික්පැත්ත තමා රිවර්ස් ඉසෙකායි. වෙන ලෝකෙක ඉඳන් මෙහෙ ඇවිත් එක්කෝ ඔතකුවෙක් වෙනවා නැත්නම් කෑම කඩේක වැඩ


රිවර්ස් ඉසෙකායි ගත්තොත් Miss Kobayashi's Dragon Maid, The Devil is a Part-Timer!, Otaku Elf, GATE


ඔටෝමේ ඉසෙකායි (Otome Isekai)

මේක ඇතුලේ තව පොඩි තේමාවක් තියෙනවා. විශේෂයෙන්ම ගැහැණු ළමයි එයාල ගහන ඩේටින්ග් ගේම් (ඔටෝමේ ගේම්) වල ඉපදෙනවා ඒකත් දුෂ්ට කෙල්ල විදිහට. මේක ගොඩක් ඇනිමේ වලට වඩා මන්හ්ව වල තියෙන්නෙ.


ඔටෝමේ ඉසෙකායි ගත්තොත් Why Raeliana Ended Up at the Duke's Mansion, My Next Life as a Villainess: All Routes Lead to Doom!, Villains Are Destined to Die(මේක නම් ඇනිමේ එකක් නෙවෙයි ඒ වුනාට මේක නොදා බෑ), The Most Heretical Last Boss Queen: From Villainess to Savior


දැන් මේ ඉසෙකායි ටිකක් ඕනෙවට වඩා ගිහින් තියෙන්නේ ලඟදි අවා එකක් වෙන ලෝකෙක වෙන්ඩින්ග් මැෂින් ( සල්ලි දැම්ම බඩු එන මැෂින්) එකක් වෙලා ඉපදෙන. මේවාට කැමති අයට දැන් සමාජය ඉසෙකායි ට්‍රැෂ් කියලා බනිනව. අපි හැබැයි ඒක හොඳ දෙයක් කියලා තමන්ටම නම දාගන්නවා 


ඩන්ජන් (Dungeon)

මේවා නම් ඇනිමේ මන්ග වලට වැඩිය කොරියන් මන්හ්ව වල තමා තියෙන්නෙ. මුලිකව මේ ලෝකේ RPG ගේම් එකක් ගානට වැටෙනවා. ඒ කියන්නේ ලෝකේ පුරා ඩන්ජන්(යක්කු ඉන්න විමාන) මතුවෙනවා. ඒවගෙන් යක්කු එලියට ඇවිත් මිනිස්සු මරද්දී එවුන් එක්ක සටන් කරන්න පුළුවන් ප්ලේයර්ල කියලා කොටසක්‌ මිනිස්සු අතරින් මතුවෙනවා මෙයාලට RPG ගේම් එකක වගේ level up වෙන්න පුළුවන් skills පාවිච්චි කරන්න පුළුවන්.


උදාහරණ විදිහට Solo Leveling, My Daughter is the Final Boss, Return of the Frozen Player, Player Who Can't Level Up


රිග්රේෂන් (regression)

මේකේ වෙන්නේ කෙනෙක් අතීතෙට යන එක. මැරුණම හරි ලොකු වරදක් කරාම හරි ඒක හරිගස්සන්න අතීතයේ තැනකට යනවා. අපිටත් පුළුවන් නම් හොඳයි නේද. උදාහරණ විදිහට 


උදාහරණ විදිහට Reincarnation of the Suicidal Battle God, Untouchable Lady, Skeleton Soldier Couldn't Protect the Dungeon, The Villainess Lives Again


හෙරම් (Harem)

මේක නම් දන්නවා ඇති අපේ රජවරුන්ටත් තිබ්බ කියන අන්තහ්පුර. ගොඩක් ඉසෙකායි වල එහෙම අපේ වීරයාට කෙල්ලෝ ගොඩක් සෙට් වෙනවා පින තමා ඉතින්. හෙරම් වලට උදාහරණ විදිහට... Nisekoi, Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Clannad, Farming Life in Another World


රිවර්ස් හෙරම් (Reverse Harem)

මේකෙම අනික් පැත්ත රිවර්ස් හෙරම් කෙල්ල පස්සේ කොල්ලෝ ගොඩක් එන එක. මේක නම් සාමාන්‍යයෙන් වෙන විදිහ නේද. එතකොට රිවර්ස් හෙරම් වලට  Kamisama Kiss,  Yona of the Dawn,  0uran High School Host Club, Hakuouki: Demon of the Fleeting Blossom


Note: මේ අන්තර්ජාලයේ උදාහරණයක් හම්බුනා මේ දෙක විස්තර වෙන. හෙරම් කියන්නේ k-pop තරුයි එයාලගේ රසිකයෝයි රිවර්ස් හෙරම් කියන්නේ k-pop ෆෑන් ෆික්ෂන්. දන්නෝ දනිති නේ 


බැටල් (Battle)

නමේ තියෙනවා වගේ යුද්ධ, සටන් එහෙම තමා තියෙන්නේ. ප්‍රධාන චරිතේ මහන්සි වෙලා උත්සාහයෙන් අභියෝග ජයගන්න එකේ තියෙනවා  අමුතු ආතල් එකක්. මේවගේ තියෙනවා තරඟාවලි ඒව ගොඩක් විට පරදින්නා පිටුදකින ඒවා. ඔක්කොම ඔට්ටුයි කියලා ඒ අවදානම ගන්න එකත් ආතල්. මේවගේ උදාහරණ විදිහට Hajime No Ippo, Claymore, Attack on Titan, One Punch Man 


මෙකා (Mecha)

මෙකා කියන්නේ විශාල රොබෝලට. මිනිස්සු ඒවා ඇතුලට බැහැල ඒවා හසුරවමින් සටන් කරනවා තවත් ඒ වගේ රොබෝලා එක්ක. මේවා අනාගතයේ වගේ වෙන දේවල් වෙන ග්‍රහලෝක පෘතුවියේ කොළණි එහෙම තියෙනවා. ඒකත් මරු විද්‍යා ප්‍රභන්ධ වල අත්තක් වගේ. උදාහරණ විදිහට Mobile Suit Gundam, Neon Genesis Evangelion, Code Geass, Gurren Lagann


මහෝ ශෝජෝ (Magical Girl)

විශේෂ බලයක් තියෙන ගැහැණු ළමයෙක් ලෝකේ බේරාගන්නවා. මේක සුපිරි වීර කතාව වගේ. බලය අරන් ඇඳුම වෙනස් කරගන්න පුළුවන් වෙනම ඇනිමේෂන් එකක් තියෙනවා වෙනස් වෙන එකට. මැජික් බලය තියෙනවා. මොකෙක් හරි සුරතලෙක් ඉන්නවා. මේවා ගොඩක්ම ශෝජෝ හැබැයි පිරිමි අයත් බලනවා. උදාහරණ විදිහට Bishoujo Senshi Sailor Moon, Cardcaptor Sakura, Mahou Shoujo Madoka★Magica, Tokyo Mew Mew


අයිඩල් (Idol)

මේවා නටන සින්දු කියන අයගේ කතා. ඉතින් සින්දු නැටුම් එක්ක රසිකයෝ එක්ක සම්බන්ද වෙන ඒවා එහෙම තියෙනවා. J-පොප් සහ k- පොප් තරු ගැන හිතන්නකෝ ඒ වගේ තමා මේක. අපේ රටේ එහෙම සංස්කෘතියක් නෑ ඒ නිසා මටත් මේක දිරවන්න අමාරුයි ටිකක්. ඔයාලටත් ඇයි මේ කියලා වගේ හිතෙන්න පුළුවන්. අපේ k-pop රසිකයෝ දන්නවා ඇති එකේ ආතල් එක මේ තියෙන්නේ උදාහරණ කිහිපයක් Skip Beat!, Full Moon wo Sagashite, Macross F, Aikatsu!


ස්ලයිස් ඕෆ් ලයිෆ් (Slice of Life)

සාමන්‍ය දේවල් සමරන එක තමා මේකෙන් කරන්නේ. කතාවේ අරමුණ ලොකු කරගන්නේ නෑ. ඔහේ ගලන්න දීල පුංචි පුංචි දේවල් වල ලස්සන හොයන අපූරු තේමාවක්. එකක් දෙකක් ට්‍රයි කරලා බලන්න. උදාහරණ විදිහට Clannad, The Melancholy of Haruhi Suzumiya, Anohana: The Flower We Saw That Day, The Pet Girl of Sakurasou, Toradora!, Hyouka, Mushishi, 5 Centimeters per Second, Lucky☆Star, My Roommate is a Cat, Miss Kobayashi's Dragon Maid, Natsume's Book of Friends, Girls' Last Tour, Laid-Back Camp, March Comes In Like a Lion


ශෝජෝ අයි සහ යුරි (Shoujo-ai and Yuri)

ශෝජෝ අයි කියන්නේ ගැහැණු ළමයි අතර ආදරේ. ශෝජෝ අයි වල ගොඩක් හැඟීම් ගැන එහෙම තමා කතා කරන්නේ ලිංගික පැත්තට වැඩිය යන්නේ නෑ හැබැයි යුරි ඒක ටිකක් එහාට අරන් යනවා සම්බන්දෙ ගැන ටිකක් ගැඹුරු තැනකට අරන් යනවා වගේම ලිංගික පැත්ත ගැනත් කතා කරනවා. ගොඩක් එක වගේ ඔය දෙක අතරට වටෙන ඒවත් තියෙනවා. උදාහරණ විදිහට ශෝජෝ අයි වල... Sakura Trick, Candy Boy, Mahou Shoujo Lyrical Nanoha,  යුරි වලට....Inugami-san to Nekoyama-san, Citrus


ශෝනෙන් අයි සහ යඕයි

මේකත් කලින් එක වගේම තමා ශෝනෙන් අයි වල හැඟීම් දැනීම් ගැන කතා කරද්දී යඕයි ලිංගික පැත්තටම යනවා. පුද්ගලිකව මම බලන්නේ නෑ දැක්කත් දුවන ගානට ඉන්නේ. ගැහැණු ළමයි කැමතියි ලංකාවේ කට්ටියක් ඉන්නවා මේ මන්ග සිංහල පරිවර්තනය කරන කට්ටියක් ඉන්නවා. මේක කියවන ගැහැණු ළමයි හරි කැමති අය හරි ඉන්නවා නම් මෙන්න බ්ලොග් එක මෙන්න fecebook සමුහය.

උදාහරණ දන්නේ නෑ මේවට 


එචි (Ecchi )

එචි කියන්නේ වල්, ලිංගික අදහස් කිරීම් වගේ. මේවගේ කොල්ලා කකුල පැටලිලා කෙල්ලගේ ඇඟ උඩට වැටිලා අහවල් දෙයක් අහුවෙලා ගුටිකන දේවල් නිතර වෙනවා. මේවා ගොඩක් රසික සැනසීම්. ලිංගික දේවල් නෑ හැබැයි පවුලේ අය එක්ක බලන්නත් බෑ වගේ එකක්. මම මුලින්ම බලපු ඇනිමේ එක මෙහෙම එකක් අම්මපා එහෙම දැනගෙන නෙවෙයි බැලුවේ කතාව මාර හොඳයි මට ගානක් ගියේ නෑ ගහගද්දී ඇඳුම් ඉරෙන එක ලොකු දෙයක් කියලා මම යාලුවෙක්ටත් පෙන්නුවා... මාර සවුත්තුව මම ඒ ඇනිමේ එක ගැන පොස්ට් එකක් දාන්නම් තාමත් මම හිතනවා ඒක මරු කියලා. කොහොමහරි මේවා පල්ලෙහට දාන්න එපා මේ ජාතියේ ඇනිමේ තියෙනවා හික් ගෑවෙන්න තරම් හොඳ. මෙන්න කිහිපයක්  No Game, No Life, High School DxD, Prison School, Shokugeki no Souma


ෆ්ලෆ් සහ ස්මට් (Fluff and Smut)

මේ දෙක ඇනිමේ වර්ග නෙවෙයි ඒ වුනාට වැදගත් ෆෑන් ෆික්ෂන් බලන අයට. ෆ්ලෆ් කියන්නේ ආදරණිය දේවල් යාලුවෝ අතර විහිලු , සුරතලෙක් එක්ක තියෙන ආදරණිය අවස්ථා. පුසෙක් පුරු පුරු ගන්නේ ඒ වගේ. කෙල්ලෝ ඔය "අනා..." කියන්නේ ඒවාට. ස්මට් කියන්නේ ලිංගික හැසිරීම්. ඒවා දන්නවනේ


අනිත් ඒවා නම් නම කිව්වම දන්නවා විස්තර ඕනේ නෑ. මම උදහරණ ටිකක් දීගෙන යන්නම් කැමති අයට උත්සහ කරලා බලන්න


වික්‍රමාන්විත (Adventure)

Hunter x Hunter," "Made in Abyss," "Magi: The Labyrinth of Magic."


හාස්‍යජනක (Comedy)

 "Gintama," "One Punch Man," "Daily Lives of High School Boys."


නාට්‍යානුසාරී (Drama)

 "Clannad," "Anohana: The Flower We Saw That Day," "Your Lie in April."


මනහ්කල්පිත(Fantasy)

"Sword Art Online," "Fairy Tail," "No Game No Life."


අභිරහස් (Mystery)

"Death Note," "Higurashi: When They Cry," "Detective Conan."


සංත්‍රාසයජනක (Horror)

"Tokyo Ghoul," "Another," "Parasyte -the maxim-."


මානසික (Psychological)

"Neon Genesis Evangelion," "Steins;Gate," "Death Parade."


ආදර කතා (Romance)

 "Toradora!," "Kimi ni Todoke," "Lovely★Complex."


අද්භූත (Supernatural)

"Bakemonogatari," "Blue Exorcist," "Noragami."


විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi):

 "Cowboy Bebop," "Ghost in the Shell," "Psycho-Pass."


සංගීත (Music)

 "K-On!," "Your Lie in April," "Love Live! School Idol Project."


ක්‍රීඩා (Sports)

"Haikyuu!!," "Kuroko no Basket," "Yuri on Ice."


ඓතිහාසික (Historical)

"Rurouni Kenshin," "Golden Kamuy," "Kingdom."


මේ පොස්ට් එක දික් වුණා අමාරුවෙන් හරි කියවපු අයට ස්තුතියි. මම මේකෙන් බලාපොරොත්තු වුනේ ඇනිමේ මන්ග වලට ලොකු පරාසයක් තියෙනව කියලා කියන්න. ඒ වගේම ප්‍රසිද්ද සංස්කෘතියේ ඇනිමේ බලල. වෙන වෙන ඒවා බලන්න කැමති අයට පාරවල් ටිකක් පෙන්නන්න. මම මේවා ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි මමත් නිකන් රසිකයෙක් විතරයි. ඇනිමේ වලට වයස් බේදයක් නෑ තමන්ට හරියන එක බලන්න. මේවගේ අහවල් ජාතිය තමා හොඳම කියන එක අතිශයින්ම පුද්ගලිකයි. කොහොමහරි මේකෙන් කාටහරි වැඩක් වුනානම් එච්චරයි. 



Tags

Post a Comment

0Comments
Post a Comment (0)