The Death Mage Who Doesn’t Want A Fourth Time

0

 




පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් mixed reviews තියෙන වෙබ් නවල් එකක් කියවන්න හමබුනා. ඉතින් ජිවිතේ පැත්තකින් තියලා සතියක් විතර කාලය වියදම් කරගෙන ඇවිල්ල තියෙන පරිච්ඡේද 330 කියෙව්වා. මුලදී ටිකක් දිග පරිච්චේද තිබුනත් අනිතිම වෙනකොට ටිකක් කෙටි උනා වගේ දැනුන හැබැයි ඒ මට දැනුන හැටි වෙන්නත් පුළුවන්. කොහොමහරි anit hero නැත්නම් necromancy රසිකයොන්ට හරි මම වගේ monster girl රසිකයොන්ට අල්ල යන කතාවක් මේක


මේ කතාවේ පසුබිම ටිකක් දිගයි

මේ කතාවේ පසුබිම ටිකක් දිගයි. මොකද අපේ වීරයා මේ කතාවේ ඉපදෙන්න කලින් ජිවිත දෙකක් පහු කරලා ඒවගේ මතකයනුත් එක්ක තමා එන්නේ. ඒ ජිවිත දෙකම ගොඩක් දුක්බර විදිහට ගතකරපුව. එක ජිවිතේක මෙයා පෘතුවියෙ ඉපදෙනවා දුක්බර ළමා කාලයක් ගත කරල ඉස්කෝලේ ට්‍රිප් එකක් අතරතුර බෝට්ටු අනතුරකින් මුලු පන්තියේම ළමයි එක්ක මැරිලා දෙවි කෙනෙක්ගේ කැමැත්තට විශේෂ බලයන් එක්ක තව ලෝකෙක ඉපදෙනවා. එහෙම තමා වෙන්න තිබ්බේ හැබැයි මේ දෙය්යෝ වැඩේ අනාගෙන මෙයාගේ නම වගේම නමක් තියෙන ළමයෙක්ට මෙයාට දෙන්න තිබුන බලයත් එක්ක දීල මෙයාට ඉපදෙන්න වෙන්නේ හිස් අතින්.


දෙවියෝන්ගේ පැත්තෙන් බලපුවම. මේ දෙවියා ලෝක තුනක නැවත ඉපදීම පාලනය කරනවා. එකක් තමා පෘතුවිය, තව එකක් තියෙනවා ඔරිජින් කියලා පෘතුවිය වගේමයි හැබැයි එකේ මායා බලය තියෙනවා අනිත් ලැම්ඩා ඒක අපි සාමාන්‍යයෙන් ඉසෙකායි කතාවල දකින මායා ලෝකයක්. මේ මායා ලෝකේ තවත් එක මෝඩ  වීරයෙක් සහ දෙවියෝ සෙට් එකක් නිසා දියුණු වෙන්නේ නෑ. මේ දෙවියන්ට ඕනේ පෘතුවියෙන් සෙට් එකක් අරන් ගිහින් ඔරිජින් වල එක පාරක් උපද්දල මායා බලයට හුරු කරලා ලැම්ඩා වලට යවන්න. මේ ප්ලැන් එක දකිනකොටම හිතෙනවා මේක හරියන්නේ නෑ කියලා ඒ වුනාට මේ දෙවියාට මනුස්ස ආත්ම වල වටිනාකමක් නෑ එයාට මිනිස්සු කියන්නේ නිකන් අංක විතරයි.


ඉතින් මේ දෙවියාගේ සැලසුම් හරියන්නේ නෑ අපේ වීරයා පොඩි කාලෙම වහල් සේවයට වැටිලා නපුරු රටක පරීක්ෂණ භාණ්ඩයක් වෙනවා මෙයාට වද දීලා මෙයාගේ ඇඟන් මරණයේ මායා බලය ඇති කරනවා. මේක මේ ලෝකෙටත් අලුත් ඉතින් මෙයාගේ බලය අරන් මේ නපුරු රට ගොඩක් බලවත් වෙනවා. මේ දෙවියෝ මේක දැකල මේක හොරෙන්ම වහන්න ඕනේ කියලා ඉසෙකායි වුන අනිත් අය ලව්වා අපේ වීරයාව මරවනවා. ඉසෙකායි වුන අනිත් අය දන්නේ නෑ එයාල මැරුවේ කවුද කියලා දැනගන්නකොට පරක්කු වැඩ්යි. අපේ වීරයා මේ අනිත් ඉසේකායි වුන අයට වෛර කරනවා ආපහු හම්බුනොත් මරනවා කියලා දෙවියෝ මේක දැකල මු හිටියොත් මගේ සැලැස්මට කරදරයි කියලා. ලැම්ඩා වල ඉපදෙන්න කලින් අපේ වීරයාට සාප තුනක් කරනවා. දෙවියෝ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සාප නිසා අපේ වීරයා කාගේහරි අතින් මැරිලා යයි නැත්නම් සියදිවි හානිකරගයි කියලා



ඔක්කොටම වෛර කරගෙන ඉපදෙන අපේ වීරයා ඉපදෙන්නේ dampier කෙනෙක් විදිහට ඒ කියන්නේ තාත්තා vampire කෙනෙක් අම්මා dark elf කෙනෙක්. මේ ලෝකෙ බලවත්ම ආගම මෙයාලව දකින්නේ යක්කු කියලා ඉතින් මේ මේ dark elf අම්මා මෙයාව කැලේක ගල් ගුහාවක තියන් තමා හදාගන්නේ මේ අම්මා නිසා අපේ වීරයාගේ දුෂ්ටයෙක් වෙන එකෙන් බේරෙනවා.




ඉසෙකායි, හෙරම්, monster girl තේමා නිසා අතාරින්න එපා 


කතාවේ තේමා ගත්තම ඉසෙකායි, හෙරම්, monster girl තමා තියෙන්නේ. මේක නිසා මේ කතාව අතාරින්න එපා. මේ කතාව ගොඩක් ක්‍රියාදාම තියෙන. ආගමික  වගේම දේශපාලන තේමා වලින් පැටලුන කතාවක්. මුල ටික කම්මැලි ගතියක් තියෙනවා හැබැයි පරිච්චේද තිහක් වගේ පහුවුනාම බිම තියන්න හිතෙන්නේ නෑ 

අනික අපේ වීරයා antihero කෙනෙක්. ඒ නිසා හොඳ නරක දෙකම තියෙන වීරයෙක් තමා ඉන්නේ මේ උපුටාගැනීම බලන්නකෝ


He believed in the unsightliness, foolishness, evil intentions and wickedness of people. He even thought that these were what made people people, and he couldn’t deny that he had these qualities as well.


However, unsightliness had a counterpart in beauty; foolishness in wisdom; evil intentions in good intentions; wickedness in virtue. These concepts came into existence because their counterparts also existed. If the entire world was unsightly, foolish, filled with evil intentions and wicked, words to describe these wouldn’t exist. All of these negative qualities could simply be described as, “Normal,” “Ordinary,” “Common,” and “Average.”














අනික අපේ වීරයාගේ පැත්තේ ඉන්න දෙවියෝ මාරම carefree. "මං කියන විදිහ තමා හරි" කියලා මිනිස්සු පෙලන්නේ නෑ. ලොකුවට පොත් පිටින් නීති නෑ, උත්සව නෑ හරි සරලයි බලන්නකෝ. මෙහෙ හිටියනම් මමත් අදහනවා 😂


Simple teachings like, ‘Don’t put your life to waste,’ and, ‘Treat your family, friends and lover with care,’ apparently formed the foundation of Vida’s doctrine.






මේක කියවන්නේ කොහොමද?

මේකේ දැනට මන්ග එකක් තියෙනවා. කියවනවා නම් ලේසිම ඒක තමා හැබැයි ගොඩක් පරිච්චේද ඇවිත් නෑ. ආර්ට් style එක එක්ක සමහර දේවල් දියාරු ගතියක් තියෙනවා හැබැයිකතාව අල්ලලා යනවද බලන්න ඕනේ නම් ඒක බලල ඉන්න. තව light novel එකකුයි web novel එකකුයි දෙකක් තියෙනවා හොඳම light novel එක මොකද light novel විදිහට පල කරද්දී ඇද ඇරලා හදල තමා දාන්නේ web novel එක තමා ඉතින් දැනට ගොඩක්ම දුර‍ට ඇවිත් තියෙන්නේ.

ඒකෙ audio book එකක් තියෙනවා YouTube ඒකෙ කියවන්න කම්මැලියි වගේනම් දාල අහගෙන ඉන්න තියෙන්නේ මම ලින්ක් එක දාන්නම් ඒකෙ


කොහොම කියෙව්වත් ලස්සන කතාවක් බත්ගුලි පහෙන් හතර හමාරක් දෙන්න පුළුවන්

🍙🍙🍙🍙


Post a Comment

0Comments
Post a Comment (0)