පරිවර්තන

0

 


මේක ටිකක් පරණ කතාවක්. මීට අවුරුදු 6කට විතර කලින් මමයි තව යාළුවෙකුයි එකතුවෙලා මන්ග එකක් සිංහලට පරිවර්තනය කරන්න හිතුව. අපි කලේ ඉංග්‍රීසියට රසික පරිවර්තනය වුන මන්ග අපිට පුළුවන් විදිහට සිංහලට පරිවර්තනය කරන්න බලපු එක. පොඩි බ්ලොග් එකකුයි ෆේස්බුක් පිටුවකුයි අටවාගෙන අපි ඉස්සරලම කලේ එක පරිච්ඡේදයක් තියෙන විද්‍යා ප්‍රබන්ධ කතාවක්.


ඩිස්පෙයා ට්‍රිගර්

මේක පිටසක්වල ආක්‍රමණයක් නිසා බාගෙට විනාශ වුන ලෝකෙක. පුංචි ළමයි දෙන්නෙක්ගේ කතාවක්. තමන්ගේ නංගිව බේරගන්න අය්යා කෙනෙක් දරන උත්සහයක් කියලා වුනත් කියන්න පුළුවන්. එක පරිච්ඡේදයයි තියෙන්නෙ කියවල බලන්න


කොන් නො කී කොනොහ


ඊට පස්සේ අපි තව එකක්‌ කලා එකත් ලස්සන කතාවක්. මේකේ පොඩි ගැහැණු ළමයෙකුයි එයාට කැලේ අතරමන් වෙලා ඉන්නකොට හම්බෙන පිරිමි ළමයෙකුයි අතර කතාවක්. මේකට ආදර කතාවක් කියන්නත් පුළුවන් මං හිතන්නේ මේකෙත් එක පරිච්ඡේදයක් විතරයි තියෙන්නේ කියවල බලන්න ලස්සන කතාවක්

අපි තව මන්ග දෙකක් පරිවර්තනය කරන්න පටන්ගත්ත ඉන් එක්ක තමයි


අකත්සුකි නො යෝනා


මේක නම් මාරම කතාවක්. සැපට හැදිච්ච හිතුවක්කාර කුමාරිකාවක් එයාගේ මුලු ලෝකෙම එක රැයකින් අනික්පැත්ත හරුනට පස්සේ සුපිරිම චරිතයක් වෙන. දුෂ්ටයාටත් එන්න එන්නම වෛර කරන්න බැරි වෙන කතාවක්. මේක ගැන මම පොස්ට් එකක් දාල තියෙනවා ඒකට ලින්ක් එකක් දාන්නම්. ඉතින් මේකේ අපිට පරිච්ඡේද දෙකක් පරිවර්තනය කරන්න පුළුවන් වුණා


තකගි සන්


මේක ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක්ගේ හාස්‍යජනක ආදර කතාවක්. ආදරය කොහොම වෙතත් හාස්‍ය නම් තියෙනවා මේකෙත් අපිට පරිච්චේද හතරයි කරන්න පුළුවන් වුනේ


වැඩේ අතහැරුණා හැබැයි ආපහු පටන්ගත්ත 

මාස තුන හතරක් කරනකොට වැඩත් එක්ක වඩේ අතහැරුණ. කියවන්නත් කට්ටිය හිටියේ නෑ. අපිටත් වැඩත් එක්ක වෙලාවක්‌ තිබුනෙත් නෑ. තකගි සන් එකෙත් ඇනිමේ එක අවා. අපේ පරිවර්තනයෙන් වැඩක් නැති වෙයි කියලත් අපිට හිතුන.


ඉතින් අවුරුදු ගානකට පස්සේ මට හම්බුනා manhwa එකක් සිංහලට පරිවර්තනය කරන කෙනෙක් එයාල පරිච්චේද දෙකක් පරිවර්තනය කරලා තිබ්බ. ඕක දැකල මටත් ආපහු පොඩි ආසාවක් අවා එකක් කරන්න ඕනේ කියලා. ඒ නිසා තමයි කියවන්න කට්ටිය නැති වුනත් කමක්නැහැ ආසාවට එකක් කරන්න ඕනේ කියලා. මම යාලුවත් එක්ක කරපු ටික එහෙම්මම තියෙද්දී මේ දවස්වල අසාවෙන් කියවන මන්හුව එකක් තියෙනවා My Wife Is from a Thousand Years Ago  කියලා


My Wife Is from a Thousand Years Ago


මේක සලයිස් ඕෆ් ලයිෆ් කතාවක් අතීතේ ඉඳන් ආපු රණශුරියකගෙයි YouTube කරන කොල්ලෙකුයි එකට ඉන්න කතාවක්. ආදර කතාවකට වඩා සලයිස් ඕෆ් ලයිෆ් කතාවක් විදිහට තමයි මේක ගන්න වෙන්නේ. මේක ගැනත් පොස්ට් එකක් දාල තියෙනවා මීට කලින් මේකේ නම් පරිච්චේද 26ක්‌ දැනට පරිවර්තනය කරලා තියෙනවා. ඉස්සරහටත් කරගෙන යන්න තමයි හිතන් ඉන්නේ

මේවා කියවන්නේ කොහොමද?

මේ කරපු ඔක්කොම මන්ග රසික පරිවර්තන පලකරන වෙබ් අඩවියක්‌ වෙන Bato වල පලකරලා තියෙනවා. මේ බ්ලොග් එකේ නැතුව එකේ දන්නේ එතනට එන්න වගේම එතනදී කියවන්නත් ලේසි නිසා. මේවා රසික පරිවර්තනනේ ඒවා තියෙන තැනක දැම්මම ලේසියි. 

මෙතනින් ගිහින් කියවන්න

මේවාගේ ගුණ අගුණ කියන්න. මම මේ භාෂාව ගැන ලොකුවට උගත්කමක් තියෙන කෙනෙක් නෙවෙයි ඒ නිසා වැරදීම් වෙයි. දැනුවත් කිරීමක් කරොත් හදන්න බලන්නම්. ඒ ටික තමා කියන්න ඕනේ වුනේ මන්ග රසික පරිවර්තන ගැන 



Post a Comment

0Comments
Post a Comment (0)